කොවිඩ් රෝග ලක්ෂණ සහිත ඉන්ෆ්ලුවෙන්සා රෝගයක් ඉන්දියාව පුරා පැතිරයමින් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසා සිටී.
මෙම උණ වැළඳුණු රෝගීන් බොහෝ දෙනෙකුට ශ්වසන අපහසුතා පවතින බව ඉන්දියානු වෛද්‍ය පර්යේෂණ කවුන්සිලය සහ ඉන්දියානු වෛද්‍ය සංගමය පවසා ඇත.
තවද උණ සහිත රෝගීන් තුළින් කැස්ස, ඔක්කාරය, වමනය, උගුරෙහි ඇති වන තුවාල සහ පාචනය වැනි රෝග ලක්ෂණ දැකිය හැකි බව සදහන් වේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මින් ආරක්ෂා වීම සඳහා නිරන්තරයෙන් සබන් යොදා දෑත් සේදීම, මුහුණු ආවරණ පැළඳීම සහ ජනාකීර්ණ ප්‍රදේශවලට ගමන් කිරීම සීමා කරන ලෙසට ජනතාවට උපදෙස් ලබා දී ඇති බවයි.
මෙම රෝගය ඉන්ෆ්ලුවෙන්සා (Influenza A) H3N2 උප වර්ගය ලෙසයි නම් කර ඇත.
මෙවැනි රෝග ලක්ෂණ සහිත රෝගීන් කඩිනමින් වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ලබා ගත යුතු බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර තිබේ.