Spread the love

ගංජා කිලෝවක් ලග තබාගත් සැකකරුවෙකු ඊයේ (7) සවස බෙලිඅත්ත බස්‍ නැවතුම්පොළ අසලදී පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගංජා අලෙවි කිරිම සදහා රැගෙන යන බව ප්‍රශ්න කිරීමේදි හෙලිවි තිබේ. 41 හැවිරිදි සැකකරු මතුගම බදුගම පදිංචි කරුවෙකි

අත්අඩංගුවට ගත් සැකකරු අද (8) තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

බෙලිඅත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් මෙම වැටලිම සිදු කළහ.