කොලොන්නාව ද්‍රෝණියට ගංවතුර ගැලීමෙන් සිදුවන බලපෑම අවම කර ඒ සඳහා තිරසාර දිගුකාලීන විසඳුමක් ක්‍රියාත්ම කිරීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා තීරණය කොට ඇත. ඒ සදහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවමෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 8,700ක් බවද පවසයි. .
කොලොන්නාව ද්‍රෝණියේ ගංවතුර අවම කිරීමේ ව්‍යාපෘතිය අදියර කිහිපයක් යටතේ ක්‍රියාත්මකවේ. ඒ අනුව පළමු අදියර යටතේ දහම්වෙල ඇළ, පස්සන්න ඇළ, සැළලිහිණි ඇළ, ද්විතීයික ඇළ ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතය.
එමෙන්ම දෙවැනි අදියර යටතේ දඬුතොට ඇළ සහ ප්‍රදේශයේ තවත් ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට නියමිත අතර සැළලිහිණි ඇළ සහ දඬුතොට ඇළ මාර්ගවල ජලය බැසයාම සඳහා පොම්පාගාර දෙකක් ඉදිකිරීමට ද අදාළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර ඇත.
එම පොම්පාගාර දෙක තත්පරයට ඝන මීටර 10ක් හා තත්පරයට ඝන මීටර 5ක ධාරිතාවන්ගෙන් යුතුවේ.
2020 – 2022 දෙවසර තුලදී මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණද කොව්ඩි-19 වසංගත තත්ත්වය හා එම කාලයේදී රට මුහුණදුන් ආර්ථික අර්බුධ හේතුවෙන් මෙහි ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවී තිබේ.
කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් කොලොන්නාව හා ඒ ආශ්‍රිත ප්‍රදේශ නිරන්තරයෙන්ම ජලයෙන් යටවීම සිදුවේ.මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජීවත්වන ජනතාව දැඩි පීඩාවට පත්වේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ කොලොන්නාව ජලාප්‍රවාහන ද්‍රෝණිය දැඩි ලෙස නාගරීකරණය වීම හේතුවෙන් ගංවතුර ගැලීම ඉහළ ගොස් ඇති බවයි.
එම පීඩාකාරී තත්ත්වයෙන් ජනතාව මුදවාගෙන කොලොන්නාව වැසි ජල අපවහනය හා අවට පරිසරය වැඩිදියුණු කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි..
