Spread the love

ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෙම්මුල්ල දුම්රිය ස්ථානය අසල – විගඩ ප්‍රධාන මාර්ගය හරහා පිහිටි දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් අද සිට 14 වනදා දක්වා වාහන ගමනාගමනය සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව අද සහ හෙට දිනවලදී පෙරවරු 8:00 සිට පස්වරු 5:00 දක්වා දුම්රිය හරස් මාර්ගය ගමනාගමනයට බාධා ඇතිවෙයි..

ඊට අමතරව අනිද්දා පෙරවරු 9:00 සිට පස්වරු 4:00 දක්වා දුම්රිය හරස් මාර්ගය වසා තැබෙන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.