Spread the love


නිමල් රාජපක්ෂ

බැංකොක් නුවර සිට මෙරටට පැමිණි ගුවන් මගියකුගේ ගමන් බෑගයේ සගවා තිබු රුපියල් දසකෝටියක් වටිනා කූෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමගින් ඉන්දියන් ජාතකයකු අද (05) උදෑසන 7.45 ට පමණ කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් AI – 277 ගුවන් යානයෙන් පැමිණ ඇති මෙම ගුවන් මගියා බැංකොක් නුවර සිට දිල්ලි හරහා මෙරටට පැමිණ තිබේ.

කිලෝග්‍රෑම් 10.75ක් පමණවන මෙම කුෂ් තොගය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ රේගු පරිශ්‍රයේ හරිත මාවත ඔස්සේ පිටවීමට යාමේදි ගුවන් තොටුපොළ රේගු
නිළධාරින්ගේ අත් අඩංගුවට ගෙන පරික්ෂාකිරීමේදි අදලා පුද්ගලයාගේ ගමන් බෑගයේ තිබී කූෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10.75 සොයා ගැනීමට රේගු නිලධාරීන් සමත්වි ඇත.

ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රය තුළ මෑතකදී සවි කරන ලද අති නවීන ස්කෑන් යන්ත්‍රයක් භාවිතයෙන් මෙම කුශ් තොගය අත් අඩංගුවට ගැනීමට හැකිවූ බව ගුවන් තොටුපොළ නිලධාරීන් ප්‍රකාශ කරයි.