නිමල් රාජපක්ෂ
කොටුව දුම්රිය ස්ථානයේ බංකුවක වාඩිවී සිටී විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකගේ ජංගම දුරකථනයක් සොරාගෙන ගොස් පැයක් යාමට මත්තෙන්ම සැකකරු සමඟ ජංගම දුරකථනය අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් දුම්රිය ආරක්ෂක හමුදාවෙන් වාර්තාවේ
සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරී ඒ.එම්.ටී.එන් විජය රත්න මහතාට සිද්ධිය සැලවීමත් සමඟින් ඒ මොහොතේ රාජකාරියේ නිරත කොටුව දුම්රිය ආරක්ෂක හමුදාවේ සැරයන් වරන්වන අමරසුරිය , ගමගේ ආරක්ෂක නිලධාරින්වන නිමල් සිරි, නාමල් යන නිලධාරීහු වහාම ක්‍රියාත්මක වී අදාළ ජංගම දුරකථනය සොරාගත් සැකකරු සමඟින් ජංගම දුරකථනය සොයා ගැනීමට කාර්යයට දැඩි පරිශ්‍රමයක් දරා ඇත. .
සිද්ධිය වී ඇත්තේ අද (13)සවස (5.30)පහයි තිහට පමණය .
කොළඹ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගැනුම ලබන ගම්පහ පදිංචි ශිෂ්‍යාවක් කොටුව දුම්රිය ස්ථානයේ වාඩිවී සිටියදී එකවරම එතනට පැමිණි සැකකරු අතේ තිබූ ජංගම දුරකථනය උදුරාගෙන ධාවනය වෙමින් තිබූ දුම්රියකට ගොඩ වී පලාගොස් ඇත .
ඒ මොහොතේම තම යෙහෙළියගේ ජංගමර දුරකථනයෙන් ඇමතුමක් ගත් අවස්ථාවේ සැකකරු සොරාගත් දුරකථනය ලබාදීමට නම් රුපියල් 5000ක් රැගෙන කැලණිය දුම්රිය ස්ථානයට පැමිණිලි ලෙස පවසා ඇත.
අදාළ සිද්ධිය දුම්රිය ආරක්ෂක හමුදාවේ සහකාර අධිකාරි විජය රත්න මහතාට පැවසීමෙන් පසු වහාම ක්‍රියාත්මක වූ ඒ මහතා ඇතුළු නිළධාරීන් පෑලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කොට ඇත.
පසුව වෙස්වලාගත් ගත් පොලිස් නිලධාරීන් ආරක්ෂක නිලධාරින් කැළණිය දුම්රිය ස්ථානයට පැමිණ සැකකරු අදාළ ශිෂ්‍යාවට ජංගම දුරකථනය ලබාදී මුදල් ලබා ගැනීමට සැරසෙද්දී අත්අඩංගුවට ගෙන ඇත.
පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ් ශිෂ්‍යාවට ජංගම දුරකථනය ලබාදීමට පියවර ගෙන ඇත .
සිද්ධිය පිළිබඳව දුම්රිය ආරක්ෂක හමුදාව හා පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
