ජනවාරි 01 වැනිදා සිට අවුරුදු 12 ට අඩු ළමුන් වෙළෙඳ ප්‍රචාරණයට යොදා ගැනීම තහනම් කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හසංක විජේමුණි පවසයි
ඒ සඳහා වූ ගැසට් නිවේදනය බලාත්මක කිරීමට සියලු කටයුතු මේ වනවිට යොදා ඇති බවයි අද (06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
පසුගිය රජයයන් විසින් වසර කිහිපයක් තිස්සේ මෙය කල් දමමින් සිටි බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
