ගම්පොළ සිට හැටන් දක්වා ධාවනය වූ ත්රීරෝද රථයක් වටවල ප්රදේශයේදී අඩි පනහක් පමණ ප්රපාතයකට පෙරළීමෙන් රථය තුළ සිටි එකම පවුලේ මව පියා සහ අවුරුදු හතරක් සහ අවුරුදු දෙකක් වයසැති දරුවන් දෙදෙනෙක් තුවාල ලබා තිබේ.
මෙහිදි අනතුරින් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්රාදේශීය රෝහලට ප්රතිකාර සදහා ඇතුලත් කර තිබේ.
වංගු සහිත මාර්ගයක් හේතුවෙන් ත්රීරෝද රථය පාලනයෙන් ගිලිහීයාම අනතුරට හේතු වී ඇති බව මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පැවසුවේය.
