Spread the love

මහ මැතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම අද (04) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

අනුව ඔක්තෝබර් මස 30 සහ නොවැම්බර් මස 01 වැනිදා තැපැල් ඡන්ද සලකුණු කිරීමට නොහැකි වූ ත්‍රිවිධ හමුදා කඳවුරුවල සහ සෙසු සියලුම රාජ්‍ය ආයතනවල ඡන්ද දායකයින්ට අද දිනයේ දී තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දි ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

තවදුරටත් තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වන තැපැල් ඡන්ද හිමියන් සඳහා තමන්ගේ සේවා ස්ථානය පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී නොවැම්බර් 07 සහ 08 යන දෙදින තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේ.