දේවින්ද පිණිදිය
කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව මැතිවරණ කොට්ඨාසයේ කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයට අයත් ගොතටුව වෙට්ලන්ඩ් පාක් තෙත් බිම් උද්‍යානය (කොලොන්නාව අභය භූමිය) තුන් අවුරුදු සැලැස්මකට අනුව සංරක්ෂණය කිරීමට පියවර ගෙන ඇත
කොලොන්නාව අභය භූමිය සංරක්ෂණ ව්‍යාපෘතිය වෙනුවෙන් රු. මිලියන 245ක මූල්‍ය පිරිවැයක් යෙදවීමට අපේක්ෂා කරන අතර, කොළඹ දිස්ත්‍රික්කය තුළ වැසි ජල පාලනය වෙනුවෙන් අක්කර දහසක ජල රැදවුම් ප්‍රදේශ පවත්වාගෙන යාමට ද සැලසුම් කර ඇත. ඊට සමිගාමිව මෙම ගොතටුව වෙට්ලන් පාක් තෙත් බිම් ප්‍රදේශයද වැසි ජල රැදවුම් ප්‍රදේශයක් ලෙස විධිමත්ව යොදා ගැනීමට මෙම සංරක්ෂණ ව්‍යාපෘතිය මගින් අපේක්ෂා කෙරේ
කොලොන්නාව ඇතුළු කොළඹ තදාසන්න ප්‍රදේශවල ඇතිවන ජල ගැලීම් පාලනයට මෙම ස්වභාවික තෙත් බිම් පරිසර පද්ධතිය සංරක්ෂණය කර ආරක්ෂිතව පවත්වාගෙන යාම මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණයි.
ව්‍යාපෘති සැලසුම ක්‍රියාත්මක කිරීමට පෙරාතුව නිළධාරින් සමග අභය භූමි ප්‍රදේශයේ ක්ෂේත්‍ර නිරීක්ෂණයකට නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඊයේ එක් විය.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් මෙම තෙත් බිම් කලාපය ස්වභාවික ජල රැදවුම් භූමි ප්‍රදේශයක් ලෙස යොදා ගැනීමට ව්‍යාපෘතිය මගින් අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරේ. දිනෙන් දින සිදුවන අනවසර ක්‍රියාකාරකම් හේතුවෙන් තෙත් බිමේ භුමි ප්‍රමාණය අඩුවීම වලක්වාලීමට රක්ෂිත මායිම් වෙන් කර නව ආරක්ෂිත වැටක් යෙදවීමටත් මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇත.
…
