Spread the love

මුල්කිරිගල ගුණරත්න

දකුණු පලාත් සංවර්ධන සැලැස්ම යටතේ දකුණු පලාත් අමාත්‍යාංශ 5ක් සදහා උපමාන පාදක ප්‍රධානය හා පලාත් නිශ්චිත සංවර්ධන සැලැස්ම යටතේ මෙම වර්ශයේ (2026) සදහා රුපියල් මිලියන 2937.71 ක මුදලක් ගෙවීමට ඇති බැව් දකුණු පලාත් ප්‍රධාන ලේකම් කාර්යාලය පවසයි.

මේ අනුව දකුණු පලාත් ප්‍රධාන අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 945.12 ක් ද අධ්‍යාපන අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 835.29 ක් ද, කෘෂිකාර්ම අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 420.52 ක් ද, ක්‍රීඩා අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 365.77 ක් ද, ධීවර අමාත්‍යාංශය සදහා රුපියල් මිලියන 371.01 ක මුදලක් ද වෙන් කර ඇත. එමෙන්ම දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය සහ දකුණු පලාත් ක්‍රීඩා අමාත්‍යාංශය සදහා වෙනත් ප්‍රධාන යටතේ රුපියල් මිලියන 921 ක මුදලක් ද වෙන් කර ඇත.

දකුණු පලාත් සංවර්ධන සැලැස්ම දකුණු පලාත් ප්‍රධාන ලේකම් චන්දිම මුහන්දිරම් මහතා විසින් පසුගිය දා දකුණු පලාත් වැඩ බලන ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මීය වෙත පිලිගන්වනු ලැබීය.