Spread the love

ගම්පහ, මාකෙවිට ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දැමීමේ සිද්ධියට අදාළව සැකකරුවකු ගම්පහ පොලීසයි මගින් අත්අඩංගුවට ගෙන ඇත.

තම වයස අවුරුදු 14ක් වූ දියණිය අතුරුදහන්ව ඇති බවට ගම්පහ පොලිස් ස්ථානයට මවක් දෙසැම්බර් මස 5 වනදා දැමු පැමිණිල්ලකට අනුව කළ විමර්ශන ආරම්භ කළ පොලීසියට ඝාතනයේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිව ඇත.

පැමිණිලිකාර මව තම දෙවන විවාහයේ ස්වාමිපුරුෂයා සහ දියණිය සමග මාකෙවිට ප්‍රදේශයේ ඉදිකරමින් පවතින වෙනත් අයෙකුට අයත් තෙමහල් නිවසක තාවකාලිකව පදිංචිව සිට ඇත.

ඔහු පෙදරේරුවෙකු වශයෙන්ද, පැමිණිලිකාරිය ඒකල ප්‍රදේශයේ පුද්ගලික අංශයේද රැකියාවක් සිදු කරනු ලබයි.

‍පසුගිය 2 දිනන තම සැමියා සහ දියණිය නිවසේ සිටියදී කාන්තාව උදෑසන රැකියාවකට ගොස් රාත්‍රීයේ නැවත නිවසට පැමිණ දියණිය නිවසේ නොසිටිම පිළිබඳ තම සැමියාගෙන් විමසීම් සිදු කර ඇත. 

එහිදී ඔහු විසින් තම දියණිය යහලුවෙකුගේ පවුලේ සාමාජිකයින් සමග විනෝද චාරිකාවක් ගොස් ඇති බවටත් එදින නොපැමිණෙන බව හා පසුදින පැමිණෙන බවට බිරිඳව දැනුවත් කර ඇත. 

දියණිය 2024.12.05 වන දින දක්වාම නිවසට නොපැමිණිම හේතුවෙන් දෙදෙනා අරවුල් ඇති කරගෙන ඇති අතර, පසුව පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

එහිදී තම සැමියා, දැරියගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් සැක බව ප්‍රකාශ කර ඇත. 

සිද්ධිය සම්බන්ධව විමර්ශනය සිදුකළ පොලිස් නිලධාරීන් විසින් වයස අවුරුදු 42ක් වන පැමිණිලිකාරියගේ පුරුෂයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකරන ලදී.

2024.12.02 වන දින බිරිඳ විසින් ඇයට අයත් තම සැමියා විසින් උකසට තබන ලද රන් මාලයක් නිදහස් කර ගැනීම සඳහා තම දියණියට මුදල් ලබා දී තම පියා සමග ගොස් එම රන් මාලය නිදහස් කර ගන්නා ලෙසට ප්‍රකාශ කර බිරිඳ  රැකියා ස්ථානයට ගොස් ඇත. 

මොහු තදින් මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවෙකු බැවින් දියණියට රන් භාණ්ඩ ලබාගැනීම සඳහා ලබා දී තිබූ මුදල් දියණියගෙන් ඉල්ලා ඇති අතර දියණිය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දියණියට පහරදී මුදල් පැහැරගෙන නිවසින් පිටව ගොස් ඇත.

පසුව නිවසට පැමිණි ඔහු දියණිය පහරකෑ ස්ථානයේම වැටී සිටි නිසා ඇය පරික්ෂා කිරීමේදී මියගොස් සිටි බැවින් දැරියගේ මෘත ශරීරය ඉටි කවරයක බහා ඉදිකරමින් පවතින නිවසේ වැසිකිලි වලකට දමා වසා දැමීමට කටයුතු කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇත. 

අනාවරණය කර ගත් තොරතුරු මත ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නියෝග පරිදි වැසිකිලි වලේ වලදමා තිබූ දියණියගේ සිරුර ගොඩගෙන පශ්චාත් මරණ පරික්ෂණය සඳහා ගම්පහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ  මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු 2024.12.16 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.