Spread the love

2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ඊයේ දිනය වනවිට සමස්ථ පැමිණිලි 2,580ක් දක්වා ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඊයේ දිනයට පමණක් (09) දිපැමිණිලි 232ක් ලැබී ඇතැයිද මැතිවරණ කොමිසන් සභාව පවසයි.

මේ අතරින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධ පැමිණිලි 20ක් ද ඒ අතර වන බව සඳහන් වේ.

කෙසේවෙතත් ලැබී ඇති පැමිණිලි අතරින් 1999ක් මේ වන විට විසඳා ඇති අතර තවත් විසඳීමට ඉතිරිව ඇත්තේ පැමිණිලි 581ක් බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.