QR කේතයට ගණන් නොගෙන හිතුමතේට ඉන්ධන විකිණු පිරවුම්හල් 40ක ඉන්ධන අලෙවිය අත්හිටුවීමට බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පියවර ගෙන ඇත.
ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සහ තොග ගබඩා පර්යන්තයේ පාලන අධිකාරිය සහ නිලධාරීන් සමඟ පැවති ප්‍රගති සමාලෝචන හමුවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන් .
එසේම සියලුම ඉන්ධන පිරවුම්හල් ඔවුන්ගේ ඉන්ධන ටැංකි ගබඩා තුළ ධාරිතාවෙන් අවම 50%ක ඉන්ධන තොග පවත්වාගෙන යා යුතු බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
ආයතනය සතු සියලුම ටැංකි රථ වෙනුවෙන් GPS මෙවලම් සවිකිරීම අප්‍රේල් 15 වනදා වනවිට අවසන් කරන අතර පෞද්ගලික ටැංකි රථ වෙනුවෙන්ද එය ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි.