ලබන ජූලි මාසය පමණ වන විට ජනතාවට බස් ගාස්තු සදහා සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා .
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් .
දිනයක් හැර දිනයක් ජන හමු පැවත් වීම හේතුවෙන් බස් කර්මාන්තකරුවන්ට යම් වාසි සහගත තත්ත්වයක්ද ඇතිවී තිබෙන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.
මෙම මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්, බස් ගාස්තු සම්බන්ධයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපතිවරයාගෙන් ප්‍රශ්න කර සිටියා.
එහිදී ඔහු කියා සිටියේ ඩොලරයේ මිල පහත වැටීම මෙන්ම ඉන්ධන මිළ සම්බන්ධයෙන් ඉදිරියේදී සලකා බල ජනතාවට යම් සහනයක් ලබා දීමට හැකිවනු ඇති බවයි.
තවත් රුපියක් 10න් පමණ ඉන්ධන ගාස්තු අඩුවීමක් සිදු වන්නේ නම් බස් ගාස්තු අඩු කිරීමට හැකියාව පවතින් බවද හෙතෙම සඳහන් කළා.