කැබිතිගොල්ලෑව පොලිස් වසමට අයත් කුරුලුගම ප්රදේශයේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් කාන්තාවක් තම දරුවන් තිදෙනා සමඟ පොලිසියට භාර වී තිබේ.
ඇය ඇගේ 46 හැවිරිදි සැමියා පොරවකින් පහරදී මිය ගොස් ඇති බවටයි වාර්තා වෙයි.
මිය ගිය පුද්ගලයා කුරුලුගම පදිංචිව සිටි උක්කුවාගේ උපාලි හේරත් නමැති තිදරු පියෙක් වන අතර පොලිසියට භාර වී ඇත්තේ 36 හැවිරිදි ඔහුගේ බිරිඳයි.
පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී ඇත්තේ පසුගිය පස්වැනිදා මෙම යුවල අතර ඇති වූ ආරවුලක් දුරදිග ගිය බවයි.
ආරවුල අතරතුර සැමියා කඩුවකින් පහරදීමට උත්සාහ කළ අවස්ථාවේදී, බිරිඳ විසින් පොරොවකින් එල්ල කළ පහරක් නිසා සැමියා එම ස්ථානයේදීම මිය ගොස් තිබේ.
වැඩිදුර විමර්ශන කැබිතිගොල්ලෑව මූලස්ථාන පොලීසිය විසින් සිදු කරයි.
