Spread the love

ගෑස් මිල අඩු වුවහොත් පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල අඩු කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

බේකරි හිමියන් ගෑස් සහ දර භාවිතයෙන් සිය නිෂ්පාදන කටයුතු සිදු කරන අතර, මෙම තත්ත්වය හමුවේ තම සංගමය ඉදිරියේදී රැස්වී තීරණයක් ගන්නා බවයි එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ.

අවසන් වරට පාන් ගෙඩියක මිල රුපියල් 10කින් අඩු කරනු ලැබුවේ පිටි කිලෝවක මිල රුපියල් 15කින් අඩු කිරීමත් සමඟයි.