Spread the love


නිමල් රාජපක්ෂ-.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවන්හි නිරත අම්පාර දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමික මහත්ම මහත්මීන්ගේ දූදරුවන් 193 දෙනෙකු හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නැගෙනහිර පළාත් ජ්‍යෙෂ්ඨ කළමනාකරු තිලක් විශ්වකුලතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (07) අම්පාර හාඩි උසස් අධ්‍යාපන ආයතනයේදී සිදු කෙරිණ..
මෙම අවස්ථාවේදී පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 59 දෙනෙකු සඳහා රුපියල් 25,000 බැගින් ද අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දරුවන් 74 දෙනකු සඳහා රුපියල් 30,000 බැගින් ද අ.පො.ස. උසස් පෙළ සමත් දරුවන් 60 දෙනෙකු සඳහා රුපියල් 40,000 බැගින් ද රුපියල් 6,095,000ක් වටිනා ශිෂ්‍යත්ව පිරිනමණු ලැබුවා.
මේ අතර මඩකලපුව දිස්ත්‍රික්කයේ පදිංචි විදේශ රැකියාවන්හි නිරත විගමනික ශ්‍රමික මහත්ම මහත්මීන්ගේ දූදරුවන් 185 දෙනෙකු සඳහා කාර්යාංශය මගින් ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම ඊයේ දින (06) මඩකලපුව දේවනායගම් ශාලාවේදී සිදුකෙරුණා. මෙහිදී පහ වසර ශිෂ්‍යත්වය සමත් දරුවන් 56ක්, අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් දරුවන් 82ක් සහ අ.පො.ස. උසස් පෙළ සමත් දරුවන් 47ක් සඳහා රුපියල් 5,740,000ක වටිනාකමින් යුත් ශිෂ්‍යත්ව පිරිනමණු ලැබුවා.
ඒ අනුව ඊයේ සහ අද යන දෙදින නැගෙනහිර පළාතේ මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කයන්ගේ වෙසෙන විගමනික ශ්‍රමිකයන්ගේ දූදරුවන් 378ක් සඳහා ලබාදුන් මුළු ශිෂ්‍යත්ව වටිනාකම රුපියල් 11,835,000කි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සුබසාධනය වෙනුවෙන් කටයුතු රාශියක් සිදුකරන අතර, ඒ අතරින් ප්‍රමුඛතම වැඩසටහනක් වූ කාර්යාංශ සුබසාධන අංශය විසින් සිදුකරන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන වර්ෂ 1996 දී ආරම්භ කර මේ දක්වා අඛණ්ඩව සිදුකරගෙන එමින් විගමනික ශ්‍ර මිකයන්ගේ දූදරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීමට කටයුතු කරනු ලබනවා. කාර්යාංශ ලියාපදිංචිය ලබා විදෙස් රැකියාවේ නිරත දෙමාපියන්ගේ දූදරුවන් හට ‍මෙම කාර්යාංශ වෙබ් අඩවිය වන www.slbfe.lk වෙබ් අඩවිය ඔස්සේ මෙම ශිෂ්‍යත්ව සඳහා අයදුම් කළ හැකිය.

NIMAL RAJAPAKSHA -0777 305 751
srarajnews@gmail.com

nimalrajapaksha2@gmail.com
ඹබගේ ආයතන ,ව්‍යාපාරික , කලා කටයුතු හා නිර්මාණ කටයුතු ඉතා පහසු හා අඩුම මිලට පළකර ගැනීම සදහා අප මාධ්‍ය ආයතනය අමතන්න