Spread the love

මඩකලපුව දිස්ත්‍රික් ITAK පාර්ලිමේන්තු මන්ත්‍රී ඥානමුත්තු ශ්‍රීනේසන් මහතා රිය අනතුරකට ලක්ව තුවාල ලබා තිබේ.

අනතුරෙන් පසු ඒ මහතාව මඩකලපුව ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුර සිදුව ඇත්තේ මඩකලපුව බලා සිය වාහනයෙන් ගමන් කරමින් සිටියදී කළුවාන්චිකුඩි ප්‍රදේශයේදී ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුවෙමින් පවතී.