Spread the love

ආණ්ඩුව විසින් කුමන සහන ලබාදුන්නද වෙළද මාෆියාව විසින් එම සහන ජනතාව අතරට රැගෙන නොයන බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද දින පාර්ලිමේන්තුවේදී කියා සිටියා.

පාරිභෝගික සේවා අධිකාරිය නිද්‍රා සහගතව නොසිට සුපිරි වෙළදසැල්වල සහ තොග මෙන්ම සිල්ලර අලෙවිසැල්වල ද භාණ්ඩ මිල අසාමාන්‍ය ලෙස ඉහළ යාම පිළිබදව අවධානය යොමු කරන ලෙසටයි ඔහු අවධාරණය කළේ.

මේ අතර මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් අද පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් සිදු කළා.

එහිදි ඔහු කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී ආණ්ඩුව සමග එක්වීමට නියමිත බවයි.