සිංහල අවුරුදු මාසය ආරම්භ වීමත් සමගින් අප්‍රි්යෙල් පළමු වනදා සිට 18 වනදා දක්වා කාලය තුළ මාර්ගය දෙපස එළවළු හා පළතුරු හා කෘෂි නිෂ්පාදන අලෙවි කිරීමට නිෂ්පාදකයින්ට පමණක් අවස්ථාව ලබාදෙන බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.
ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය යටතේ අදාළ ස්ථාන වෙන්කරදීමට කටයුතු කරන බවත් මේ සඳහා කිසිඳු ගාස්තුවක් අය නොකරන බවද අමාත්‍යවරයා සඳහන් කරයි
මෙසේ ලබාදෙන අවසරය අදාල කාලයට පමණක් බවත් 19 වනදා එම සියලු ස්ථාන ඉවත් කර ගත යුතු බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කරයි