නිමල් රාජපක්ෂ-
ජාත්‍යන්තර තරගාවලි සඳහා සහභාගී වී පදක්කම් දිනූ පැරා ක්‍රීඩකයින් අද (10) දින ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ දී අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හමුවිය.

එහිදී ක්‍රීඩකයින්ගේ දක්ෂතා ඇගයූ අමාත්‍යවරයා ඉදිරි තරගාවලි සඳහා පුහුණුවීම් කටයුතුවල ප්‍රගතිය පිළිබදව විමසා සිටියා.
සියලු කටයුතු ඉතා හොදින් සිදු වන බවත්, ඉදිරි ආසියානු ක්‍රීඩා උළෙල සඳහා පුහුණුවීම්හි නිරත වෙමින් හොද සූදානමකින් පසුවන බවත් ජාතික පැරාලිම්පික් කමිටුවේ සභාපති ලුතිනල් කර්නල් දීපාල් හේරත් මහතා පවසා සිටියේය.
• ඕස්ට්‍රේලියාවේ පැවති ජාතික පැරා මලළ ක්‍රීඩා ශූරතාවලිය 2023
01.දිනේෂ් ප්‍රියන්ත හේරත් – හෙල්ල විසිකිරීම – රන් පදක්කම,02.සමිත දුලාන් – හෙල්ල විසිකිරීම – රිදී පදක්කම,•ඩුබායිහි පැවති ලෝක පැරා මලළ ක්‍රීඩා ශූරතාවලිය 2023
1.අනිල් ප්‍රසන්න ජයලත් – මීටර් 100 ධාවන ඉසව්ව – රන් පදක්කම,02. මධුරංග සුභසිංහ – මිටර් 400 ධාවන ඉසව්ව – රන් පදක්කම,03. නුවන් ඉන්දික – මීටර් 100 ධාවන ඉසව්ව හා දුර පැනීම – රිදී පදක්කම,04.ප්‍රදීප් සෝමසිරි – මිටර් 1500 ධාවන ඉසව්ව – ලෝකඩ පදක්කම,•ඊජිප්තුවේ පැවති විවෘත පැරා ටේබල් ටෙනිස් ශූරතාවලිය 01.දිනේෂ් දේශප්‍රිය – ටේබල් ටෙනිස් – රන් පදක්කම දිනා ගැනීමට සමත්විය.