Spread the love

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායකගේ නම ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිසම ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

රවී කරුණානායක එම මන්ත්‍රී ධූරය සඳහා නම් කිරීමට එරෙහිව පාර්ශව රැසකින් මේ වන විට විරෝධතා එල්ලවී ඇත.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා නාමල් රාජපක්ෂ නම් කර ඇති අතර ඉලංකෙයි තමින් අරසු කච්චි පක්ෂය සඳහා පත්මනාදන් සත්තිලිංගම් ගැසට් කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.