ශ්‍රී ලාංකික ලේඛක ෂෙහාන් කරුණාතිලක ගේ 2022 බුකර් සම්මානයෙන් පිදුම් ලද ” The Seven Moons Of Maali Almeida – ද සවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා ” නවකතාව පිළිබඳ රසවින්දනාත්මක කතිකාවක් මේ මස 19 ඉරුදින පෙරවරු 9.00ට කුරුණෑගල මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය කෝණාර එම් දිසානායක සහ දිනමිණ හිටපු විශේෂාංග සම කර්තෘ , පරිවර්තක , ලේඛක අනුර කේ එදිරිසූරිය කෘතිය හඳුන්වාදීමේ දෙසුම් පවත්වති. කුරුණෑගල ජීනියස් කල්ට් එකමුතුව කතිකාව සංවිධානය කරනු ලබයි.
