Spread the love

රාජ්‍ය ආයතන කිහිපයක් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට මෙම සතිය තුළ කැඳවීමට තීරණය කර ඇත.

ඒ අනුව කෝප් කමිටුව හෙට රැස්වීමට නියමිතව ඇති අතර හෙට (07) දිනය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ නිලධාරීන් කමිටුව හමුවට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

ලබන 8 වනදා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර මාර්තු 09 වන දින ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව කෝප් කමිටුවට කැඳවා ඇති බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුවෙන් වාර්තාවෙයි.