රාජ්‍ය විරෝධී විරෝධතා වලට සහභාගී වූ පුද්ගලයන් 22,000ට ඉරාන අධිකරණය සමාව ලබා දීමට කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබෙනවා.
ඒ අනුව මේ දක්වා රාජ්‍ය විරෝධී විරෝධතා සඳහා සහභාගී වූ පුද්ගලයන් 82,000ට සමාව ලබා දීමට කටයුතු කර ඇති බවයි එම මාධ්‍ය වාර්තා වල සදහන් වන්නේ.
පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී එරට පොලීසිය භාරයේ සිටි තරුණ කුර්දි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය හේතුවෙන් මෙම විරෝධතා රැල්ල ආරම්භ කර තිබෙනවා.
1979 විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයකට එල්ල වූ අභියෝගාත්මක විරෝධතා රැල්ල මෙය වන අතර, මෙම විරෝධතා සඳහා සෑම තරාතිරමකම ඉරාන ජාතිකයන් සහභාගී වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ.