නිමල් රාජපක්ෂ-
අනුරාධපුර සිට බෙලිඅත්ත බලා ධාවනය වූ රජරට රැජිණ සීඝ්‍රගාමි දුම්රිය කොළඹ කොටුව හා මහලේකම් කාර්‍යාල දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇත.
මෙසේ පිලී පැනීමකට ලක්ව ඇත්තේ එම දුම්රියේ එංජිමේ රෝද කිහිපයක් වන අතර මේ හේතුවෙන්මුහුදුබඩ මාර්ගයේ එක් මාර්ගයක් අවහිරව ඇතැයි ද මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුවි ඇතැයිද දුම්රිය දෙපාර්තමෛ්න්තුව පවසයි .