නිමල් රාජපක්ෂ
බුලත්කොහුපිටිය , රුවන්වැල්ල ,යටියන්තොට ,දැරණියගල හා දෙහිඹ්විට ප්රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුම් වලදි නීති විරෝධී මත්පැන් ජාවාරම් කරුවන් කොටුකර අධිකරණ වෙත ඉදිරිපත් කොට හා බලපත්ර ස්ථානවල සිදු කල වැරදි සදහා සමථ ගාස්තු අයකර රුපියල් 2071 500/-දඩ ආදායමක් රජයට ලබා දීමට රුවන්වැල්ල සුරාබදු නිලධාරින් සමත්වී ඇත.
අදාල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ 2025 වසරේ ජනවාරි පළමු දින සිට දෙසැම්බර් මස 31 වැනිදින දක්වා සිදුකල වැටලිම් වලදී තීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාර මත් ජාවාරම් කරුවන් , තීරු බදු නොගෙවු සිගරැට් ජාවාරම් කරුවන් , මහරා අලෙවි කිරීම් හා සන්තකයේ තබා ගැනීම් , බලපත්ර නොමැතිව බියර් අලෙවි කිරීම් සිදු කල කොටුකර ගත්බව බව රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතා පවසයි.

මෙහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 508 දෙනෙකු දැරණියගල හා රුවන්වැල්ල යන මහේස්ත්රාත් අධිකරණ වෙත ඉදිරිපත් කොට රුපියල් රුපියල් දහනම ලක්ෂ තිස්අටදහසක දඩ මුදලක් අයකර ගෙන තිබිණ
අදාල ප්රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ බලපත්ර ස්ථාන පරික්ෂාවට ලක් කොට බලපත්ර කොන්දේසි කඩ කරමින් මත්පැන් අලෙවි කල හෝටල් ආපනශාලා හා රටබිම හල් 40 කට කාර්මික අපාරාධ වාර්තා ඉදිිරිපත් කොට ඇත.
මෙහිදි කාර්මික අපරාධ වාර්තා ලබා දුන් බලපත්ර ස්ථාවල බලපත්ර ලාභීන්ගෙන් 19 දෙනෙකු සහකාර සුරාබදු කොමසාරිස්වරයා වෙත ඉ දිරිපත්කොට රුපියල් එක්ලක්ෂ තිස්තුන්දාස් පන්සියයක සමථ ගාස්තුවක් අයකර ගෙන තිබේ. ඉතිරි බලපත්ර ලාභීන්ගේ පෙරවැරදි සලකා බලා ඉදිරියේදි සමථ ගාස්තු නියම කිරීමට නියමිතයි.
සහකාර සුරාබදු කොමසාරිස් සමන්ත කොස්තා මහතාගේ උපදෙස් මත, සුරාබදු අධිකාරී වජිර විජේසිංහ මහතාගේ මෙහෙයවිම යටතේ, රුවන්වැල්ල සුරාබදු ස්ථානාධිපති ශාන්ත කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ, සුරාබදු පරීක්ෂකවරුන්වන නුවන් ආදිපත්තු ,තිලක් අබේසිංහ, සුරාබදු සැරයන් මේජර්වරුන්වන ගම්ලත් , සමන්ත, කෝප්රල්වරුන්වන ඩයස් , වීරකොන් යන මහත්වරු මෙම වැටලීම් සිදු කළහ.
