Spread the love

අලවතුගොඩ නගරයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා පෞද්ගලික බස් රථයක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

මෙම සිද්ධිය සිදුව ඇත්තේ ගලේවෙල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් සහ අලවතුගොඩ සිට මහනුවර දෙසට ගමන් කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් අතරය.

වාර්තා වන පරිදි, බස් රථ දෙකේම රියදුරන් සහ කොන්දොස්තරවරුන් අතර හටගත් මෙම ගැටුම සමථයකට පත් කිරීමට මැදිහත් වූ මගීන් පිරිසක් ද සිට ඇත.

තුවාල ලැබූවන් අතරින් එක් අයෙක් රාජකාරි නිමවා පෞද්ගලික බස් රථයේ ගමන් කරමින් සිටි අලවතුගොඩ පොලිස් ස්ථානයේ නිලධාරියෙකි.

අනෙක් තුවාලකරු සිවිල් පුද්ගලයෙකි. මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ අලවතුගොඩ පොලිසිය විසින් සිදුකරනු ලබයි.