.
එවකට හිටපු ජනාධිපතිවරයකුගේ ගම්පියසේ තිබු මාර්ගයක් මේ රජය මගින් සංවර්ධනයට පසුගියදා පියවර ගැණිණ.
එසේ සංවර්ධනය වුයේ වසර 19 කට පසුවය.එනම් ගණේමුල්ල නගරයෙන් යාගොඩ දෙසට දුම්රිය මාර්ගය අසළින් තිබෙන මාර්යගයයි.
ගණේමුල්ල ජනතාවගේ සිහිනයක් මේ රජය මගින් ඉටු කිරීම පිළිබදව ප්‍රසාංසාවද හිමිවිය. එනම් ගණේමුල්ල නගරයෙන් යාගොඩ දෙසට ජනතාවට ගමන් කලහැකි ශ්‍රමදාන මාවත වසර 19 කට පසු සංවර්ධනය කිරීම පිළිබදවයි.
එවකට පත්වු ජනාධිපතිවරු ජනතාව රවටා ජන්දය ලබාගෙන මාර්ගය සකස් කර දෙන බවට නොයෙක් පොරොන්දු දී සංවර්ධනය නොකර තිබු පාරකි.
ගම්පහ නගරයට ඉතා සුළු වේලාවකින් ගමන් කලහැකි කෙටිම මාර්ගය මෙයයි. ගණේමුල්ල දුම්රිය ස්ථානයට මගීන් විශාල පිරිසක් රාජකාරි සදහා ගමන් කිරීමට හා පාසල් දරුවන් කොළඹ ගම්පහ වේයන්ගොඩ වැනි පාසල් වලට යාමට පැ පැමිණෙන්නේ ශ්‍රමදාන මාර්ගයෙණි.
ගම්මාන පහකට ජනතාවකට සිය රාජකාරී මෙන්ම අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා ද පාසල් සිසුන්ගේ ගමනාගමනය සඳහාද යාමට නොහැකි තත්ත්වයක් තිබූ මෙම මාර්ගය මීටර් 425 ක් දිගට ලක්ෂ සීයක ප්‍රතිපාදන යටතේ කාපට් දමා නිමා කෙරිණ.
පසුගිය රජයන් යටතේ ලක්ෂ එකසිය හැටකින් මෙම මීටර් 425 කාපට් කිරීමට සූදානම් කර තිබූ නමුත්
මොනයම් හේතුවක් මත හෝ කාපට් කිරීම සිදු නොවුණි එසේ වූවා නම් ලක්ෂ හැටක් බදු ගෙවන ජනතාවගේ මුදල් අපතේ යාමක් සිදු වෙනවාය.
විඩියෝව නරඹන්න
