වැඩි මිලට බිත්තර අලෙවිකළ කුරුණෑගල ප්‍රදේශයේ බිත්තර ගොවිපලකට පාරිභෝගික අධිකාරිය නඩු පවරා තිබේ. එසේ නඩු පවරා ඇත්තේ බිත්තර නිෂ්පාදකයින්ගේ සභාපතිවරයාගේ ගොවිපල ට බව වාර්තාවෙයි.
ඊයේ (01) දිනයේ කුරුණැගල දිස්ත්‍රික්කයේ කොබෙයිගනේ, මිරිහානේගම, අවුලේගම සහ බිංගිරිය යන ප්‍රදේශවල වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් සිදු කර ඇත.
. එහිදි කොබෙයිගනේ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බිත්තර ගොවිපොළකින් වැඩි මිලට බිත්තර අලෙවි කළ බවට පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් අවධාරණය කරයි.