Spread the love

වෛද්‍ය, වරාය, විදුලි, ජල, දුම්රිය, තැපැල්, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති මේ වනවිට දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

රජය විසින් ක්‍රියාත්මක නව බදු සංශෝධන, විදුලි ගාස්තු ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් එම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත.

වෘත්තිකයින්ගේ වෘත්තීය සමිති සන්ධානය විසින් අද (15) මෙම දීපව්‍යාප්ත වැඩ වර්ජනය ආරම්භ කර තිබේ.

මේ වනවිට දිවයිනේ සෑම රජයේ රෝහලකම මේ වනවිට වැඩ වර්ජනය ක්‍රියාත්මක වෙයි.

වර්ජනයට වෛද්‍ය නිලධාරීන්, හෙද නිලධාරීන්, රසායනාගාර සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීයවේදින් මෙන්ම රෝහල් කණිෂ්ඨ සේවකයින් එක්ව සිටින බව Sri Raj News අප වාර්තාකරු පැවසීය.

එමෙන්ම දිවයිනේ සියලුම පාසල්වල අද දිනයේ වර්ජනය ක්‍රියාත්මක බව ගුරු හා විදුහල්පති සංගම් පවසයි.

එමෙන්ම වරාය සේවකයින්ද මේ වනවිට වර්ජනයේ නිරත වෙයි.

දුම්රිය ලොකොමෝටිව් ඔපරේටරවරුන්ගේ සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති රැසක් මේ වනවිටත් වර්ජනය ආරම්භ කර තිබේ.

වර්ජනය පැවතියද ගාල්ල සිට අද පෙරවරුවේ කාර්යාල දුම්රියක් කොළඹ කොටුව බලා ධාවනය ආරම්භ කර තිබුණි.

අප වාර්තාකරු පැවසුවේ දුම්රියේ ආරක්ෂාව සඳහා යුද හමුදාව සහ පොලිස් නිලධාරීන් යොදවා තිබෙණු දක්නට ලැබුණු බවය.