වෘත්තිය සමිති සංගම්වලට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව වෘත්තිය සමිති සංගම් කොළඹ මාර්ග කිහිපයක් ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුව ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්‍යාංශ පරිශ්‍රය දෙසට පෙළපාලි යාම වළක්වමින් අධිකරණයෙන් මෙම නියෝගය නිකුත් කර තිබෙනව බව සදහන්.
මේ අතර ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසුවේ ඇතැම් වෘත්තිය සමිති රට තුළ අඛණ්ඩ ගැටුම් නිර්මාණය කිරීමට සූදානම් වන බවයි.