බුදු තෙමඟුල සිහිකෙරෙන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.
සිදුහත් කුමරාගේ උත්පත්තිය, බුද්ධත්වය සහ බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය යන තෙමඟුල සිහිකරන වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට යෙදී තිබෙනවා.
බුදුන් වහන්සේ සුමේධ තාපස ආත්ම භාවයේදී දීපංකර බුදුරදුන්ගෙන් නියත විවරණ ලැබුවේ ද වෙසක් පොහොය දිනයක වන අතර උන්වහන්සේ බුද්ධත්වයෙන් අටවන අවුරුද්දේදී මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කළේද වෙසක් පොහොය දිනයේ බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.
ශාසනික වැදගත්කම් රාශියකින් යුත් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ශ්‍රී ලංකාවාසීන් මෙන්ම සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව ධර්මානුකූලව සමරනු ලබනවා.