ශ්‍රීලංකන් ගුවන් සමාගමේ මූල්‍යමය තත්ත්වය සම්බන්ධයෙන් පළ වූ නොමග-යවනසුලු පුවත් කිහිපයක් පිළිබඳව එම සමාගම මෙසේ කරුණු පැහැදිලි කරයි. මෙම වාර්තාවල දැක්වෙන අලාභයට, 2022 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා රුපියල හදිසියේ අවප්‍රමාණය වීම හේතුවෙන් ශුද්ධ විදේශ මුදල් වගකීම් නැවත තක්සේරු කිරීමට සිදුවීම නිසා වාර්තා වූ රුපියල් බිලියන 142.6 ක විදේශ විනිමය අලාභයද ඇතුළත් වේ.
සත්‍ය වශයෙන්ම, විගණනය කරන ලද මූල්‍ය වාර්තාවට අනුව සහ විදේශ විනිමයල් අලාභය සිදුවීමට පෙර, ශ්‍රීලංකන් සමූහය අදාළ වර්ෂය සඳහා රු. බිලියන 1.7 ක මෙහෙයුම් ලාභයක් වාර්තා කර ඇත. COVID-19 රෝග ව්‍යාප්තිය හේතුවෙන් ලොව පුරාම ගුවන් සේවාවන්ට ගැටලු රැසකට මුහුණ දීමට සිදු වී පැවති පසුබිමක් තුළ මෙය කැපීපෙනෙන ජයග්‍රහණයකි.
පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති COPE කමිටු රැස්වීමේදී ශ්‍රීලංකන් ගුවන් සමාගම, 2023 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය සඳහා වූ විගණනය නොකරන ලද ඩොලර් මූල්‍ය වාර්තාව ඉදිරිපත් කළේ ය.