Spread the love

ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගිය වසරේ දී උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත රැගෙන ගිය මුද්‍රිත ද්‍රව්‍ය අඩංගු ගුවන් යානා සම්බන්ධයෙන් මෙසේ කරුණු පැහැදිලි කෙරේ.

2021 පෙබරවාරි මාසයේ දී කොළඹ සිට උගන්ඩාවේ එන්ටෙබේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මුද්‍රිත ද්‍රව්‍ය ටොන් 102 ක් ප්‍රවාහනය කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන්
සමාගමට ගුවන් භාණ්ඩ ඇණවුමක් ලැබුණි. මෙම ගුවන් භාණ්ඩ තොගය සම්පූර්ණයෙන්ම වාණිජමය ක්‍රියාදාමයක් වූ අතර එමගින් ගුවන් සමාගමට සහ රටට විදේශ ආදායමක් ගෙන ඒමට හැකියාව ලැබිණි.
මෙම භාණ්ඩ ඇණවුම වාණිජමය මුහුණුවරක් මත පමණක් සිදු කරන ලද්දක් බව ශ්‍රීලංකන් ගුවන් සේවය අවධාරණය කරයි.