Spread the love

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 260 වැනි බඳවා ගැනීමට අයත් නිත්‍ය ආධුනික නාවිකයින් දෙසිය හැත්තෑ තුන්දෙනෙකු (273) සහ ස්වේච්ඡා ආධුනික නාවිකයන් තිස්තුන්  දෙනෙකු (33) ඇතුළුව,  ආධුනික නාවිකයින් තුන්සිය හය දෙනෙකු (306) සිය මුලික පුහුණුව සාර්ථකව අවසන් කර,ඊයේ 13 පූනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ දී විසිර යාම සිදු කෙරිණි.

ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති හා අණදෙන නිලධාරී, කපිතාන් ලක්‍ෂ්මන් අමරසිංහ ගේ ආරාධනයෙන්, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් සැපයුම් හා සේවා, රියර් අද්මිරාල් රුවන් කළුබොවිල මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය..

 

260 වැනි බඳවා ගැනීමේ විශිෂ්ඨතම ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි අයිඑස් දිල්ෂාන් විසින්ද, සියලුම විෂයන් සඳහා වැඩිම ලකුණු ලබාගත් ආධුනික නාවිකයාට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එම්ජී ඊඑච්එන්එස් මුණසිංහ  විසින්ද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි පීජීකේඩි ජයරත්න විසින් ද, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි එම්එම්එච්එස් පෙරේරා විසින් සහ දක්‍ෂතම ඉලක්කකරුට හිමි කුසලානය ආධුනික නැවි එච්එස්එම් චන්ද්‍රතිලක විසින් හිමි කර ගන්නා ලදී.  එමෙන්ම, 260 වැනි ආධුනික බඳවා ගැනීමට අයත් දක්‍ෂතම අංශයට හිමි කුසලානය ‘හේමමාලී’ අංශය විසින් හිමි කර ගැනීමට සමත් විය.