Spread the love

‘දමිල ජනතාවගේ අභිමානවත් සංස්කෘතික උත්සවයක් ලෙස බැතියෙන් සමරන තෛපොංගල් සැමරුම සිංහල හා මුස්ලිම් ජාතීන්ගේ ද සහභාගීත්වයෙන් සංවිධානය කිරීම පිළිබඳ ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. අපේ රටේ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් ලෙස ජනකොටස් වෙන් වෙන්ව තම අනන්‍ය සංස්කෘතික සහ ආගමික උත්සව පවත්වනවා. නමුත් ශ්‍රී ලාංකිකයින් ලෙස ජාති, ආගම් භේදයකින් තොරව, සාමූහික හැඟීමෙන් එක්ව වැඩ කිරීමෙන් ජයග්‍රහණ රැසක් ලබාගත හැකියි.’

නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඉහත අදහස් පළ කලේ අද කොලොන්නාව සමාජවාදී කාන්තා සංගමයේ මූලිකත්වයෙන්, ගොතටුව, වෙට්ලන්ඩ් පාර්ක් ප්‍රදේශයේ පැවති තෛපොංගල් සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

ජාතිකත්වය, සහයෝගීතාවය වර්ධනයට පිටුවහලක් වෙමින් දමිල ජනතාවගේ ඉපැරණි හින්දු ආගමික චාරිත්‍ර වලින් සහ කෘෂි කර්මාන්තයේ සශ්‍රිකත්වය පිළිබිඹු කරමින් ‘පොංගල් බත’ පිළියෙල කිරීමත්, හිරු දෙවි වන්දනාව ඇතුළු සංස්කෘතික අංග රැසකින් මෙම උත්සවය වර්ණවත් කෙරිණ. එමෙන්ම සර්ව ආගමික, ජාතික ජන සංයුතියක් පවතින කොලොන්නාව මැතිවරණ කොට්ඨාසය තුල සාමය, සමගිය, සහෝදරත්වය ජනිත කරමින්, සමානාත්මතාවයෙන්, ශ්‍රී ලාංකිකයින් ලෙස ජීවත්වීමටත් ජාතික, ආගමික, සංස්කෘතික, දේශපාලන කටයුතු නිදහසේ සිදුකර ගැනීමේ අයිතිය තහවුරු කරලීමට මෙම උත්සව අවස්ථාව හේතු වනු ඇත….!

පැමිණ සිටි පිරිස අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා ….!

” බහු වාර්ගික, බහු ආගමික, බහු භාෂාමය රටක යහපැවැත්ම ස්ථාවර වන්නේ එම ජාතීන්ගේ සංස්කෘතික අනන්‍යතාවන්ට ගරු කරන සමාජ පසුබිමක් නිර්මාණය කිරීම තුළයි. එකිනෙකාට ගරු කරන, සහකම්පනයක් ඇති සමාජයන් ගොඩනගා ගැනීමට සෑම පුරවැසියෙකුම අදිටන් කරගත යුතුයි. ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු වී අභියෝග ජය ගැනීමට ආගම, දහම, සංස්කෘතිය යොදාගැනීම වැදගත්.