අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු එළැඹෙන සෙනසුරාදා සවස 5ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතයි .
සනත් නන්දසිරි මහතාගේ දේහය නුගේගොඩ ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා .
දශක හයකට අධික කාලයක් මධුර හඬින් ගී ගැයූ ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පි සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද පෙරවරුවේ අභාවප්‍රාප්ත වුනා.
කලක සිට අසනීප තත්ත්වයේ පසුවූ ඒ මහතා මියයන විට 81 වැනි වියෙහි පසුවුනා .
ඔහු 1942 පෙබරවාරි 15 වන දින ගොතටුව ප්‍රදේශයේදී උපත ලබා තිබෙනවා .
ඔහු ශ්‍රී ලංකාවේ දෘශ්‍ය හා රංග කලා විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස කටුතු කරනු ලැබුවා.
එමෙන්ම ශ්‍රී ලාංකේය සංගීතයේ ප්‍රමුඛතම ගායකයෙකු වන නන්දසිරි දශක හයකට වැඩි කාලයක් පුරා දිවෙන ඔහුගේ සංගීත නිර්මාණ සඳහා සම්මාන කිහිපයක් ලබා තිබෙනවා ,
රූපවාහිනියේ ප්‍රථම රූපවාහිනී කතාමාලාව වූ සඳමාලිගේ කතාවට සංගීතය නිර්මාණය කළේද සනත් නන්දසිරි මහතායි.
වරදක් කලත් සිතකින් නොවේ, එදා මෙදා තුර , බෝමලුවේ මල් සුවදට , සිත රෑ යාමේ ,වැනි ගීත රැසක් ඔහු විසින් ගයනා කර තිබෙනවා.
සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වෙයි

‐—————-
ප්‍රවීණ ගායන ශිල්පී සනත් නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
අභාවප්‍රාප්ත වන විට නන්දසිරි මහතා 81 වන වියේ පසු වූවා.
ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති ජානක වික්‍රමසිංහ මහතා කියා සිටියේ කලක් තිස්සේ රෝගාතුරව සිටි සනත් නන්දසිරි මහතා, ඒ මහතාගේ නිවසේදීම අභාවප්‍රාප්ත වී ඇති බවයි.
දෝන අමලින් කටුගම්පොල සහ විලියම් පෙරේරා යන දෙපළට දාව 1941 පෙබරවාරි මස 15 වන දින උපත ලද සනත් නන්දසිරි මහතා ගොතටුව මහ විද්‍යාලය, සෙන්ට් මැතිව්ස් කොලේජ් සහ මහාබෝධි මහා විද්‍යාලයෙන් අධයාපනය ලබා තිබෙනවා.
මල්කාන්ති පීරිස් සමගින් සනත් නන්දසිරි මහතා විවාහ වූවා.
සනත් නන්දසිරි මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් පවසන්නේ.