Spread the love

කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව සිදුකළ වැටලීමේදී හාලිඇල සතොස ශාඛාවේ තරාදියද සිය භාරයට ගෙන තිබේ.

ඒ නිසි ප්‍රමිතියක් නොමැතිවීම හේතුවෙනි.

මෙහිදී ග්‍රෑම් 150ක පමණ අඩුවක් පෙන්නුම් කර ඇති බව වාර්තා විය.

මේ අතර බදුල්ල කිරුම් මිනුම් ඒකකය මගින් අද හාලිඇල පොළ භූමිය සහ වෙළඳසැල් පරීක්ෂාවට ලක් කළ අතර නිලධාරීන් හා වෙළෙඳුන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවුණි.

මෙහිදී නිසි අනුමැතියට යටත් නොවන තරාදි භාවිත කළ වෙළෙන්ඳෙකුට නඩු පැවරිමට කටයුතු කළ බව වාර්තා විය.

මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දිවයින පුරා වෙළෙඳසැල් පරීක්ෂාවන් සිදුකරනු ලබයි.

ඒ උත්සව සමයේ පාලන මිල ඉක්මවා භාණ්ඩ අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම සහ කල් ඉකුත් වූ භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසැල් වැටලීමේ අරමුණිනි.

මේ අතර එළැඹෙන සිංහල දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට තවත් ඇත්තේ දින කිහිපයක් පමණි.

කොවිඩ් වසංගතය සහ ආර්ථික ගැටලු හේතුවෙන් වසර කිහිපයක් සිංහල දෙමළ අලුත් අවුරුද්ද උත්සවාකාරයෙන් සැමරීමට ජනතාවට හැකිවූයේ නොමැත.

නමුත්, මෙවර නිදහසේ අලුත් අවුරුද්ද සැමරීමට ජනතාවට අවස්ථාව උදාවී තිබේ.

ජනතාව විශාල වශයෙන් වෙළෙඳපොළට ඇදී ආවත් භාණ්ඩ මිලදී ගැනීමේදී මන්දගාමී ස්වභාවයක් උසුලයි.

ජනතාව පවසන්නේ, ඇඳුම් ඇතුළු අලුත් අවුරුද්දට අවශ්‍ය ද්‍රව්‍යවල මිල ගණන් අධික බවය.