Spread the love

වර්ථමාන තෙල් පිරිපහදු ධාරිතාව මෙන් දෙගුණයකින් යුතු නව පිරිපහදුවක් සපුගස්කන්ද ප්‍රදේශයේ ඉදිකිරීම සදහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අභිලාශ කැදවනු ලැබු ඇත.

අද දින එහි එක් පියවරක් වශයෙන් ආයෝජක හමුවක් සූදානම් කොට තිබුණි.

මෙහිදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තම ව්‍යාපෘතියේ අරමුණු ආයෝජකයන් හට පැහැදිලි කරනු ලැබීය.

මේ සදහා විදේශ ආයෝජකයන් හා ඔවුන්ගේ දේශීය නියෝජිතයන් සහභාගී වී සිටියහ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආයෝජකයන් සදහා ශ්‍රේත්‍ර චාරිකාවක්ද සූදානම්කොට තිබුණි.