Spread the love


නිමල් රාජපක්ෂ-

රුපියල් 100 ක් වැඩියෙන් මත්පැන් අලෙවි කිරිමෙ වරද සීල් තැබු බගවන්තලාව රටබීම හලට සුරාබදු කොමාසාරිස් ජෙනරාල් එම්.බී .එන්.ඒ පේමරත්න මහතා අද (9)රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස නියම කොට ඇත‍
අදාල රටබීම හලේ වැඩි මිලට මත්පැන් අලෙවි කරන බවට 1913 සුරාබදු දෙපාර්තුමේන්තුවට ලැබුණු පැමිණිල්ලකට අනුව මහනුවර සුරාබදු නිලධාරින් අදාල ස්ථානය පසුගියදා (6)පරික්ෂා කිරිමේදී අරක්කු බෝතලයකට රුපියල් 100 ක් වැඩියෙන්ද හා බියර් බෝතලයක් රුපියල් 20/ ක්ද වැඩියෙන් අලෙවි කර තිබේ.
ඒ අවස්ථාවේදී සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා දැණුවත් කලවිට වහාම රටබීම හල සීල්තැබිමට නියෝග කොට තිබේ.
පසුව අදාල රටබීම හලේ බලපත්‍ර ලාභියා අද (09) සුරාබදු කොමාසාරිස් ජෙනරාල්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු පෙරවැරදි සලකා බලා රුපයිල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස බපලත්‍ර ලාභියට නියම කොට රටබීම හල හෙට විවෘත කරන ලෙන නියෝග කොට තිබේ.
මහනුවර සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති සුරාබදු පරික්ෂක සරත් ජයවීර,සුරාබදු පරික්ෂක චන්දන බණ්ඩාර, කොප්ප්‍රල් වරුන්වන සිල්වා , බණ්ඩාර,අසංක, නියාමක රියදුරු රෝහන ,බුද්ධික යන නිලධාරිහු මෙම වැටලීම සිදු කලහ.