Spread the love


නිමල් රාජපක්ෂ-

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයෙන් රෝගී සත්කරක සේවාවන් , ශල්‍යාගාර, වාට්ටු, ලේ බැංකුව, මෙන්ම ප්‍රතිජීවක ඖෂධ ඇතුලු අත්‍යාවශ්‍ය ඖෂධ හා අනෙකුත් වෛද්‍ය උපකරණ පිළිබදව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ හදිසි නිරීක්ෂණයට ඊයේ ලක්විය.

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් තිරණ මහතාගේ උපදෙස් මත මෙම හදිසි නිරීක්ෂණයේ දී රෝගීන්ගේ X-Ray පරීක්ෂණ සහ CT Scan පරික්ෂණ සාමාන්‍ය පරිදි සිදුවන අයුරු නිරික්ෂණය කිරීමට අමතක නොකලේය.
සමස්තයක් ලෙස හදිසි අනතුරු අංශයේ වැඩකටයුතු ඉතා හොදින් ක්‍රියාත්මකවන බව මෙහිදී නිරීක්ෂණය විය. ප්‍රතිකාර සේවාවන් හි යෙදී සිටින විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සමස්ත සෞඛ්‍ය කාර්යමණ්ඩල මහත් කැපවීමකින් යුතුව සිදු කරන සේවාව පිළිබදව ඇගයීමකටද ලක් කෙරිණ.
සිදු කරනු ලබන ප්‍රතිකාර සේවාවන් තවත් ශක්තිමත් කිරීම සදහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ග පිළිබදව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා දැනුවත් කිරීමක් ද සිදු කළේය.