Spread the love

සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සහ හිටපු ආරක්ෂ ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද (29) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

මෙම පෙත්සම අද එස්. තුරෙයිරාජා, ඒ. එච්. එම්. ඩී. නවාස් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකර ඇති බවයි සඳහන් වෙන්නේ.

ඒ අනුව එම වගඋත්තරකරුවන්ට පෞද්ගලික නීතිඥවරු ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙන බවත් මෙහිදී විනිසුරු මඩුල්ල පෙන්වා දුන් අතර ඉන් අනතුරුව පෙත්සම සලකා බැලීම 2025 පෙබරවාරි මස 03 වනදා තෙක් කල් තබා තිබෙනවා.