මුල්කිරිගල ගුණරත්න
සමෘද්ධි ජීවනෝපාය සංවර්ධන වැඩ සටහනට අනුව එහි ප්‍රතිලාභීන් වෙත ජීවනෝපාය උපකරණ බෙදාදීම ඉකුත් දා අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සිදුකෙරිණි .
යැපුම් මානසිකත්වයෙන් මිදී ස්වාධීන පුරවැසි සමාජයක් ගොඩ නැංවීම අරමුණ කරගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙම වැඩ සටහන ක්‍රියාත්මක කරයි .
මෙම ජීවනෝපාය උපකරණ ලබා ගැනීමේදී ප්‍රතිලාභීන් 50% ක දායකත්වයක් දැරිය යුතුය . පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා ප්රතිලාභිණියකට මහන මැෂිමක් ප්රදානය කල අයුරු මෙහි දැක්වේ . අගුණකොළපැලැස්ස ප්‍රාදේශීය ලේකම් කෞෂල්‍යා ගලප්පත්ති මහත්මියද මෙම අවස්ථාව එක්ව සිටියහ .
