විදුලි ගාස්තු යළි ඉහළ නැංවීමට නව ගාස්තු සංශෝධනය සලකා බැලීමක් සිදු නොවනු ඇති බවත් ජනතාවට ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙසත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාව සඳහා දැනට පවතින ක්‍රමවේදය අනුව අනුමැතිය ලබාදීමේ ඉඩක් නොමැති බව ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
ඉකුත් අගෝස්තු මස සිදුකළ ගාස්තු සංශෝධනය අනුව ලංකා විදුලිබල මණ්ඩලය මේ වන විට මෙහෙයුම් ලාභයක් ලබන බැවින් ගාස්තු ඉහළ නැංවීමේ ඉඩක් නොමැති බවයි ඔහු සඳහන් කළේ.
තෙල් සහ ගල් අඟුරු ගෙන්වා ගැනීමට යැයි සඳහන් කර විදුලි බිල වැඩි කිරීමේ හැකියාවක් පනත අනුව නොමැති බවත් පනත අනුව ඇත්තේ පිරිවැය අයකරගැනීමේ ක්‍රමයක් බවයි ඔහු ප්‍රකාශ කළේ.