Spread the love

NPP යනු ආණ්ඩුව බවත් ආණ්ඩුව පෙරලීමට,පැරදවීමට, විසුරුවා හැරීමට හැකිවුවද රාජ්‍ය එසේ කළ නොහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (2026.01.30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.    

එහිදි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා,

“ මේ ආණ්ඩුවේ බොහෝම ආන්දෝලනාත්මක ප්‍රකාශකයෙක් වන ලාල්කාන්ත ඇමතිවරයා මේ මෑත දවසක සිදුකළ ප්‍රකාශයට තිබෙන දේශපාලන ආරවුල ඉතාම මැනවින් සමාජයක් ලෙස සබුද්ධික ප්‍රජාවක් සහිත රාජ්‍යයක් විදිහට අපි මේ කාරණාව තේරුම්ගත යුතුව තිබෙනවා. 

ලාල්කාන්ත මැතිතුමා දවසක් ප්‍රකාශ කර සිටියා අපි ආණ්ඩුව අත්පත් කරගත්තා, අපි තවම රාජ්‍ය අත්පත් කරගත්තේ නැහැ කියලා. ලාල්කාන්ත මේ ආණ්ඩුව තුළ කරමින් සිටින්නේ සුද්දගේ කාලයේ ජෝන් ඩොයිලි කරපු කාර්යයි. අපෙත් සමහර පිරිසට තේරුණේ නැහැ ලාල්කාන්තව. ලාල්කාන්ත තමයි මේ ආණ්ඩුවේ ජෝන් ඩොයිලි. රාජ්‍ය තමන්ට අත්පත් වියයුතුයි කියලා ආණ්ඩුවක් විශ්වාස කරනවානම් එය ආග්ඥාදායකත්වයේ මූලිකම ලක්ෂණය ලෙස තමයි දේශපාලන විද්‍යාව ලෝකයට  උගන්වා තිබෙන්නේ. පාලකයෙක් විශ්වාස කරනවානම් රාජ්‍ය තමන් සතුවිය යුතුයි කියලා එය තමයි ආග්ඥාදායකත්වය.  දේශපාලන විද්‍යාවේ පැරණි පොතපත 14 වෙනි ලුවි රජ්ජුරුවන්ගේ ප්‍රකාශයක් උපුටා ගන්නවා තහවුරු කරන්න. ප්‍රංශයේ ලුවි රජ්ජුරුවෝ කියනවා රාජ්‍ය යනු මමය කියලා. මේ ආණ්ඩුවත් විශ්වාස කරනවා රාජ්‍ය කියන්නේ NPP කියලා. NPP කියන්නේ ආණ්ඩුව. ආණ්ඩුව පෙරලන්න පුළුවන්, පරද්දන්න පුළුවන්, විසුරුවන්න පුළුවන්, හැබැයි රාජ්‍ය එසේ වෙන්නේ නැහැ. මේ පිරිස  හිතනවා මේ රාජ්‍ය ඔවුන්ගේ කියලා. හැබැයි  මේ ආණ්ඩුව විසින් සෘජුව සහ ඇතැම් අවස්ථාවලදි ඇතැම් ක්‍රියාකාරකම් හරහා නොකියා ප්‍රකාශ කරනවා රාජ්‍ය ඔවුන් සතුයි කියලා. රටේ සියලු පුරවැසියෝ රාජ්‍යයේ සාමාජිකයෝ.

හැබැයි රටේ සෑම කෙනෙක්ම ආණ්ඩුවේ සාමාජිකයෙක් නොවේ. හැබැයි මොවුන් සියලුදෙනා තමන් යටතේ සිටින දේශපාලන ප්‍රතිමත නැති සමාජයක් නිර්මාණය කරන්න දරන උත්සහය තමයි මෙහිදි අපිට පෙනියන්නේ. රාජ්‍යයේ සතුව තිබෙන බලය ආණ්ඩුවට දෙන්න බැහැ.

ආණ්ඩුව කියන්නේ රාජ්‍ය නැමැති ස්වාමියාගේ සේවකයා. රාජ්‍යයේ සහ මහජනයාගේ කැමැත්ත ප්‍රතිපත්ති බවට පරිවරත්නය කර එය ක්‍රියාත්මක කිරීම ආණ්ඩුවේ රාජකාරිය. එය නොකර ප්‍රතික්ෂේප වන චෙක්පත් ලබාදිලා මිනිස්සු රවට්ටලා, ප්‍රතිවාදියාවත් දේශපාලනිකව බියගන්වා, ආයතනික ප්‍රධානීන්ට රාජකාරිය කරන්න දෙන්නේ නැහැ ඔවුන්ගේ දේශපාලන මතයට නැවුණේ නැතිනම්. ඒ වගේ තැනක සිට මේ පිරිස ඉතාම විකෘති දේශපාලන බලයක් තමන් වෙත පවාරගන්න උත්සහ කරමින් සිටිනවා.” යනුවෙන් මෙහිදි සඳහන් කළේ ය.