Spread the love

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ආසියානු කුසලාන වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් පූර්ව වටයේ තරගයක් අද (06) පැවැත්වෙයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන් පන්දුවාර 46 යි පන්දු 2 ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 173 ක් ලබා ගත්හ.

පන්දුවට පපහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලක්වින් අබේසිංහ ලකුණු 69 ක් හා Sharujan Shanmuganathan ලකුණු 42 ක් ලබා ගැනීමට සමත් වුහ.

පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් Chetan Sharma කඩුලු 3 ක් බිඳ හෙළීමට සමත්විය.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ඉන්දීය කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 174 ක්.