ශ්‍රී ලංකාවේ සත්කාරකත්වය යටතේ පැවති තුන්කොන් කාත්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලකුණු 97කින් පරාජය කර ශූරතාව දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (11) සමත් විය.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී කඩුලු 7ක් දැවී ලකුණු 342ක් රැස්කිරීමට සමත් විය.
ඉනිම ඔසවා තැබූ ස්මිත්‍රි මන්දනා පන්දු 101කට මුහුණදෙමින් ලකුණු 116ක් රැස්කළාය.
ඇගේ ඉනිම හයේ පහර 2කින් හා හතරේ පහර 15කින් සමත්විත විය.
මෙහිදී ලකුණු 343ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 9ක් දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 245ක් පමණි.
ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ චමරි අතපත්තු ලකුණු 51ක් හා නිලක්ෂකා සිල්වා ලකුණු 48ක් රැස්කිරීම හැරෙන්න වෙනත් කිසිඳු පිතිකාරිනියකට ඉනිම දිනවිය හැකි ඉනිමක් ක්‍රීඩාකළ නොහැකි වුහ.
ඉන්දියාව වෙනුවෙන් ස්නේ රානා (4/38) හා අමන්ජොත් කෞර් (3/54) පන්දු යැවීමෙන් දක්ෂතා දැක්වූහ.
තරගයේ වීරවරිය ලෙස ශතක ඉනිමක් ක්‍රීඩාකළ ස්මිත්‍රි මන්දනා සම්මාන දිනාගත්තාය