Spread the love

රාජ්‍ය පාලනය පිළිබඳ අද්දැකීමක් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට හැර අනෙකුත් අපේක්ෂකයින්ට නොමැති බව අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි.

ඒ අනුව රාජ්‍යයේ ඉහළම තනතුර ඉල්ලන අයට පාර්ලිමේන්තුව මෙහෙයවා ගැනීමටද මන්ත්‍රීවරුන් නොමැති බවයි ජන හමුවක් අමතමින් අගමැතිවරයා සඳහන් කළේ.

එවැනි තත්ත්වයකින් රට තුළ ඇතිවිය හැකි ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථිකය අවුල ගැඹුරු ගැටලුවක් ලෙස මහජන ජීවිත අවුලකට පත් කරනු ඇති බවයි අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.